“බලශක්ති පරිභෝජනය අඩු කරන්න– කර්මාන්ත නියෝජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්”
පවතින අර්බුදය හමුවේ ජනතාව විසින් අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් QR ක්‍රමයක් අවශ්‍ය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද (16) පැවති ජන හමුවක් අමතමින් පැවසීය.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම ගැටලුව මෙරටට පමණක් නොව ලොව පුරා බලපා ඇති ගැටලුවක් බවත්, හැකි පමණින් බලශක්ති පරිභෝජනය අඩුකරන ලෙසටත්ය.
එබැවින් හැකි පමණින් බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.