“තවත් ඉන්ධන නෞකාවක් අද දිවයිනට”
තවත් ඉන්ධන නෞකාවක් අද (16) උදෑසන දිවයිනට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසා සිටි.
මෙහිදී එම නෞකාවේ ඉන්ධන අද දිනයේම ගොඩබෑමට කටයුතු සූදානම් කර ඇති බවත්, මෙම නෞකාවේ ඩීසල් මෙට්රික් ටොන් 18,000ක්, පෙට්රල් මෙට්රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්රික් ටොන් 3,000ක් අඩංගු බවත්, මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.
මෙහිදී කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ඇනවුම් කළ සියලුම නෞකා දිවයිනට පැමිණෙමින් තිබෙන බවත්, මේ වන විට පිරවුම්හල් වෙතින් ලැබී ඇති ඇනවුම්ද බෙදා හැරීමට පියවර ගෙන ඇති බවත්ය.