“ලිට්‍රෝ ගෑස් මිල ඉහළට”
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 300කින් ඉහළ නංවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
මෙහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990 ක් වන බවත්,කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වන බවත්, සඳහන්.
මෙහිදී කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750 ක් වේ.
එම නිවේදනයට අනුව මෙම මිල සංශෝධනය සිදුකර ඇත්තේ, ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සහ සිදුකළ හැකි අවම මිල සංශෝධන සැලසුම් සලකා බැලීමෙන් පසුව මාස 18කට පසුව බව සඳහන්.