“ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීමක්”
ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල භාවිතයේදී නොදන්නා පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දැනුම්දීමක් සිදු කර තිබේ.
මෙහිදී නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ, සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රමිකයින් අවධානයෙන් සිටිය යුතු බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා.
“ පුරා දින 11ක් තිස්සේ ඊශ්‍රායල, ඉරාන් සහ අමෙරිකානු හමුදා සම්බන්ධ වූ මැදපෙරදිග යුදමය තත්ත්වය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවක් දක්නට ලැබෙනවා. ඊශ්‍රායලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ දී ඔවුන් හමුදා සහ සන්නිවේදන ඉලක්ක වෙත මිසලයිල එල්ල කිරීමේ ප්‍රවණතාවයක් දකින්න තියෙනවා. ඊයේ රාත්‍රීයේ 7 වතාවක් සයිරන් නාදවුණා. මෙම තත්ත්වය හේතු කොට ගෙන, අද ඊශ්‍රායල් ආරක්ෂ හමුදාව විසින් ජනතාවට දැනුම් දෙනු ලැබුවේ, බොහෝ අවස්ථාවලදී සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ උත්සහායන් තිබෙන බැවින්, ඊශ්‍රායලයේ තිබෙන සමාජ මාධ්‍ය හෝ ඊමේල් ආදියට නොදන්නා අංකයකින් හෝ නොදන්නා ගිණුමකින් ලැබෙන සියලුම ලිපි හෝ වෙනත් දෑ කිසිම හේතුවක් නිසාවත්, විවෘත කිරීමට යාමෙන් වළකින ලෙසයි.”