“රෝමයට ගිය ශ්‍රීලන්කන් ගුවන් යානය පිළිබඳව පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍යයි”
ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් පවසයි.
එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටියේ, සියලු කරුණු සත්‍යභාවයෙන් තොර ඒවා බවට සඳහන් කර සිටින බවය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය ඊයේ (09) රෝමය බලා පිටත් වූයේ, යුරෝපයෙන් සහ ඉන් ඔබ්බට, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලැසුම් කර තිබූ හා ටිකට් පත් වෙන්කරවා ගෙන සිටි මගීන් හට, ඍජුව රෝමය බලා ගමන් කිරීමට හැකිවන පරිදි බව එම නිවේදනයේ සඳහන්.
මෙම ගුවන් ගමන රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සිදුකළ සැලැස්මක් බව සමාජ මාධ්‍යවල පළ වූ තොරතුරු සත්‍යභාවයෙන් තොර ඒවා බවත්,එහි සඳහන් අමාත්‍යවරයා මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් එම නිවේදනයේ සඳහන්.