Search
Close this search box.

සංචාරක  කර්මාන්තයේ ප්‍රගමනය සඳහා රජයට සහාය ලබාදීමට සූදානම්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි  ජයදේව සුදුසිංහ

මෙරට  සංචාරක කර්මාන්තය වසර පහක් ඇතුළත ඉහළම තලයකට ගෙන ඒමට තමන්ට හැකියාව ඇති බව සංචාරක විෂය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, චන්ද්‍රසිරි  ජයදේව සුදුසිංහ මහතා අන්තර්ජාතික සෙරෙන්බෝනා සඟරාව සමග සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

මෙහිදී ජනාධිපති තුමා ඇතුළු, වත්මන් රජය පිළිබඳවද, සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පිළිබඳවද, තමන් තුළ විස්වාශයක් ඇති බවත්, මෙරට සංචාරක කර්මාන්තය ඉහළම තලයකට ගෙන ඒමට කටයුතු කිරීම සඳහා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව රජයට සහාය ලබාදීමට තමන්ට හැකියාව ඇති බවත් පැවසූ සුදුසිංහ මහතා, පාසල් මට්ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් රටවටා යමින් සියලු දැනුවත්වීම් කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීමට තමන් බොහෝ කැමැත්තෙන් සිටින සිටින බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුදුසිංහ මහතා පවසා සිටියේ, අන්තර්ජාතික වශයෙන් තමන් මේ වන විටත් අරඹා ඇති ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන තවතවත් පුලුල් කරගැනීම සඳහා රජයේ මැදිහත්වීම තමන් බලාපොරොත්තු වන බවද, ඒ සඳහා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාසයෙන් සිටින බවද පැවසීය.

පුරා හතලිස් වසරක කාලයක් ක්ෂේත්‍රය තුළ නියැලෙමින් තමා ලබා ඇති දැවැන්ත අත්දැකීම් හා දැනුම මෙන්ම අන්තර්ජාතික සම්බන්ධකම්, වත්මන් රජය භාවිතයට ගැනීමට කටයුතු කරනු ඇති බවට තමන් තුල දැඩි විශ්වාසයක් ඇති බවද,කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව තමන්ගේ අවංක සේවය මේ රට වෙනුවෙන් ලබාදීමට සූදානම්ව සිටින බවද පැවසීය.

අජිත් වීරසූරිය

Translate »