“ජනපති රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි”
නවදිල්ලි නුවර පැවැත්වෙන “AI Impact 2026” සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පස්වරුවේ රටවල් කිහිපයක නායකයින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව මෙහිදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පස්වරුවේ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා, භූතානයේ අගමැති Tshering Tobgay, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සහා අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.