“2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි”
2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් 436,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (19) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ වසරේදී රටවල් 15ක් ඉලක්ක කරගනිමින් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලෝක මට්ටමින් ඉතාම හොඳ තැනකට ගෙන ඒමට සමත් වී ඇති බවත්, ඒ අනුව සංචාරකයින්ගේ පැමිණීම ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමක පවතින බවත්, පෙබරවාරි මාසේ 15 වන විට 436,000ක් පමණ සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බවත්, පෙර වසර සමඟ සංසන්දනය කිරීමේදී එය ඉතා විශාල අගයක් බවත්ය.
ගෝලීය ප්‍රචාරණ වැඩපිළිවෙල සඳහා රටවල් පහළොවක් ඉලක්ක කර ගනිමින් රුපියල් බිලියන දෙකක් වෙන්කර ඇති බවද, මෙහිදී අමාත්‍යවරයා පැවසීය.