“ජංගම දුරකථන අස්ථානගතවීමකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොලීසියෙන් විශේෂ නිවේදනයක්”
ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මහජනතාව නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටි.
පොලීසිය නිකුත් කරනු ලැබූ එම නිවේදනයට අනුව,
පළමුව සිම්පත අක්‍රීය කිරීම. (සිම්පත ලබාගත් සේවා සපයන ආයතනය හරහා මෙම අක්‍රිය කර ගැනීම සිදුකළ හැක.)
එහිදී තෙවන පාර්ශ්වයකට ජංගම දුරකථනය නීතිවිරෝධි, සමාජ විරෝධි සහ අනීතික කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව අහිමි වෙයි. සිම්පත අක්‍රීය කිරීම හරහා වෙනත් පාර්ශවයකට ලැබෙන්නා වූ එම ජංගම දුරකථනය නැවත සොයා ගැනීමටද පහසුවනු ඇත.