Search
Close this search box.

අමාත්‍යවරයාගෙන් බස්රථ හිමියන්ට අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය භාවිතා කරන කොන්දොස්තරවරයෙකු හෝ බස්රථ රියදුරෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් අදාල බස් රථ හිමියාගේ මාර්ග බලපත්‍රය අහෝසි කර දැමීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් පැවසීය. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

බස් රථ හිමියා දන්නවා තමන්ගේ බස් රථ රියදුරා හෝ  කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද නැද්ද කියන කාරණාව, මේ නිසා බස්රථ හිමියන්ට මම තරයේම කියන්න කැමතියි කිසිසේත්ම ඊට ඉඩ දෙන්න එපා. එහෙම නොවුණොත් තමන්ගේ මාර්ග බලපත්‍රය අහෝසි වෙන්න පුළුවන්. බස් රථ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරුවරයෙකු හෝ කොන්දොස්තරවරයෙකු ඉන්න පුළුවන් කියලා  අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ.

ඒ නිසා මේ කාරනාව හොදින් තේරුම් ගෙන ඔබේ බලපත්‍රය අහිමිකර නොගෙන, ඉතා වගකීමෙන් යුතුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවුණ පිරිස්  ඔබේ ව්‍යාපාරයට යොදව ගන්න , එහෙම නොවුනොත් ඔබට ව්‍යාපාරය අහිමි වෙයි. මේ සේවයට තරුණ රියදුරු මහත්වරු ගම්වල ඕනතරම් ඉන්නවා කියලත් මතක තබාගන්න” 

Translate »