“සිරකරුවන් 49කට ජනපති සමාව”
78 වන ජාතික නිදහස් දිනය(04) වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.
මෙහිදී බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින රැඳවියන්ගේ ගෙවන ලද වසරකට සති 01ක සමාවක් ප්‍රදානය කරන බවත්, රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින රැඳවියන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය ද අහෝසි කරනු ඇති බවත්,බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.