Search
Close this search box.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

මේ වනවිට මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක තත්වය  පිළිබඳව තම නිරන්තර අවධානය යොමුකර සිටන ලෙසට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිය ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්නවා සිටී.

මෙම නිවේදනයට අනුව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සදහන් කර සිටින්නේ, පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීම සදහා ඊශ්‍රායල් ආරක්ෂක අංශ සූදානම් ව සිටින බවත්, ඊට ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය නිරතුරුව තොරතුරු හා උපදෙස් යාවත්කාලින කීරීමට කටයුතු යොදා ඇති බවත්ය.

මෙහිදී හදිසි අවස්ථාවකදී ඇතිවිය හැකි මිසයිල ප්‍රහාර පිළිබඳව සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකටම තොරතුරු සපයනු ලබන බවත්, සයිරන් හඬ නිකුත් වූ වහාම තමා  ආසන්නයේ ඇති ආරක්ෂක කුටියක රැකවරණ ලබා ගත හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (31) පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා තානාපති කාර්යාලය විවෘතව තැබෙන අතර, මෙම කාලය තුළ සාමාන්‍ය රාජකාරි සිදු කරගත හැකි බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.

Translate »