“නිදහස් උත්සවට අදාළ පෙරහුරු හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද සිට”
78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු කටයුතු හේතුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පොලීසියේ එම නිවේදනයට අනුව අද (30), හෙට (31) සහ පෙබරවාරි 2 වන දින පැවැත්වෙන පෙරහුරු පුහුණුවීම් හේතු කොට ගෙන එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම් පනවා ඇති බව සඳහන්.
මෙහිදී පෙබරවාරි 1 වන දින පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වා ඇති කාලක තුළත්, පෙබරවාරි 4 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින සැමරුම අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්..