“සංචාරක පැමිණීම ලක්ෂ 2 පනී”
සංචාරකයින් 223,645 දෙනකු 2026 වසර ආරම්භ වූ පළමු දින 25 තුළ ශ්‍රී ලංකා මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.
මෙහිදී එක් දින වැඩිම සංචාරක පැමිණීම ජනවාරි 15 දින වාර්තා වී ඇති අතර, එදින ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,483ක් බවත්, මෙම දින 25 තුළ වැඩිම සංචාරක පැමිණීම් ඇති රට ඉන්දියාව වන අතර එම සංඛ්‍යාව 41,603ක් බවද සඳහන්. වාර්තා වේ ද අධිකාරිය පවසයි.
ඊට අමතරව, රුසියාවෙන් 22,876 දෙනකු ද, එක්සත් රාජධානියෙන් 23,329 දෙනකු සහ ජර්මනියෙන් 14,431 දෙනකු ද මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.