Search
Close this search box.

ඊශ්‍රායලයේ රැකියා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවනු ලබන අසත්‍යය ප්‍රචාර වලට රැවටෙන්න එපා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති

ඊශ්‍රායලයේ රැකියා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවනු ලබන අසත්‍යය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායිල් රජය අතර ඇතිකරගත් ද්වි – පාර්ශවීය ගිවිසුම යටතේ කණ්ඩායම් ගණනාවක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් බඳවාගෙන පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ 16000 කට අධික ශ්රී ලාංකිකයන් පිරිසක් ඊශ්‍රායලයේ සේවය සඳහා පැමිණ තිබේ.

ඉන් 90%ක් ම රජය හරහා පැමිනෙන් අතර ඉතිරි 10% පෞද්ගලික රැකියා ඒජන්සි හරහා පැමිණ තිබේ. මේ කවර කණ්ඩායමක් වුව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිය පදිංචි වී පැමිණිය යුතුවේ.

එසේ තෝරාගත් කණ්ඩායම් අතරට අයත් වූ යටිතල පහසුකම් නම් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත් වූ රැකියා සඳහා කණ්ඩායම් තෝරාගත අතර 2025 සැප්තැම්බර් මස 1 වැනි දින විට 188 ශ්‍රී ලංකාවෙන් පැමිණ තිබේ. එය සම්පුර්ණයෙන්ම රජය යටතේ ඇති අදාළ ගිවිසුමේ ඉදිකිරීම් අංශයේ (Protocol D) යටතේ ඇති කාණ්ඩයකි.

එයට අමතරව මේ කාණ්ඩය යත්තේම තවත් තෝරාගත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන් ඉදිරියේදී ලැබෙන රැකියා ඇබෑර්තු අනුව ලියා පදිංචිවී සිටින අනුපිලිවෙල අනුව බඳවා ගනු ඇත. එය සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේට අයත් කාර්යයක් වන අතර ඒ පිළිබඳව තානාපති කාර්යාලයට රාජකාරියක් නොමැත.

රජයකින් රජයකට ලැබෙන රැකියා පුද්ගලිය අංශයට ලබාදිමට හෝ පැවරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේට හෝ තානාපති කාර්යාලයට නොහැක.

යටිතල පහසුකම් පිළිබඳව අදාළ විමසීම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදු කරන ලෙස ඉල්ලන අතර නව රජය යටතේ මනා විනිවිදභාවයකින් රජයේ ගාස්තු පමණක් ගෙවා පැමිණීමට හැකියාව තිබිය දී මේ වැරදි පුවත් හා ප්රතිචාර සටහන් කරන ගිණුම් block කරන බව කරුණාවෙන් සලකන්න.

විවිධ පෞද්ගලික ආයතන විශාල මුදල් ප්රමාණයක් ය කරන බැවින් හැකි සෑම අයෙකුම රජය හරහා පමණක් පැමිණීමට උත්සහා කරන මෙන් දන්වමි.

තමන්ගේ හදිසිතාවය මත හෝ රජයේ ලයිස්තුවේ බොහෝ කාලයක් සිටීමට නොහැකි නිසා පෞද්ගලික අයතනවලය් පුදල් ගෙවා පැමිණ පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හෝ තානාපති කාර්යාලයට දෝශාරෝපනය කිරීමේ වැලකී සිටින මෙන් ඉල්ලා සිටිමි.

Translate »