Search
Close this search box.

කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම නිවේදනයට අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

මෙහිදී කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තු වේ මෙම නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (24) දින පෙ.ව. 5.30 වන විට අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. මෙහිදී එම පද්ධතිය ඉදිරි පැය 24 තුළ, තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී නැවත දැනුම් දෙන තුරු, අක්ෂාංශ 05 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි.

මේ වනවිටත් එම ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකරමින් සිටී නම් ඔක්තෝබර් 25 වන දිනට පෙර එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් උපදෙස් ලබාදී ඇත.

මෙම නිවේදනය අද (24) උදෑසන 10ට නිකුත් කර ඇති අතර, ඉදිරි පැය 24 සඳහා බල පැවැත්වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.

Translate »